Sign the online petition in support of the proposed amendments on abortion law in Sri Lanka

Abortion is criminalized in Sri Lanka with one exception; to save the life of the woman. Several attempts have been made in the past to, if not decriminalize abortion, then to at least relax the law to include more exceptions. However, these attempts have been thwarted due to a lack of political will and the influence of religious leaders, especially the Catholic Church. Sri Lanka is included in the list of “most restrictive” countries when it comes to abortion law and “stands out as a rare exception being a middle income country (whereas the majority of countries belonging to this list are low income ones)”. While Sri Lanka has good socio-economic indicators in South Asia, the country’s abortion law is trailing behind other South Asian countries like Nepal, India, Pakistan and the Maldives.

In August 2017, an amendment to the abortion law was proposed by the Ministry of Health which, if passed, will allow abortions in two instances: in the case of a foetus with lethal congenital malformation and when a woman becomes pregnant as a result of rape. While these amendments are a far cry from full decriminalization of abortion demanded by women’s rights activists in the country and are worryingly not centered around a woman’s choice (both exceptions are at the discretion of medical practitioners in state hospitals and in the case of rape, there is involvement of law enforcement too), it is deeply concerning to see religious leaders mobilizing to intervene with the passage of this amendment and the lack of political will from some quarters.

It is estimated that over 700 abortions happen in Sri Lanka each day and septic abortion is the third highest cause of maternal mortality in the country. A majority of these illegal, and often unsafe, abortions are performed on married women (94% by some estimates), their main reasons being economic instability and not wanting more children. Therefore it is apparent that the proposed amendments are just a starting point in addressing a much larger problem. Decriminalizing abortion in Sri Lanka must be one component of a comprehensive strategy that protects women’s rights in Sri Lanka and champions women’s right to make decisions related to their bodies. Such a strategy should include the introduction and implementation of Comprehensive Sexuality Education (CSE) for young people in and out of school (which is currently making extremely slow progress) as well as availability of quality sexual and reproductive health services, including contraception, that are provided non-judgmentally to anyone who wants them.

Change must begin somewhere and we call on all supporters of women’s human rights to add their voice to this struggle by signing this petition in support of the proposed amendment to the relax abortion law in Sri Lanka.

English – https://goo.gl/forms/11pHbximkkROU6cy2
Sinhala – https://goo.gl/forms/e54Ia0OGl932A75R2
Tamil – https://goo.gl/forms/bZkqomVm4E8TRrBN2

Bengali

ශ්රී ලංකාවේ දැනට ගර්භනී කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීම හැර වෙන කිසිම හේතුවකට ගබ්සාව නීතිමය නැහැ. මීට කලිනුත් ගබ්සාව සම්පූර්ණයෙන් නීත්යානුකූල කරන්න සහ අවම වශයෙන් නීති ලිහිල් කරන්න උත්සාහ දරා තිබෙනව. හැබැයි මේ ප්රයත්නයන් විවිධ හේතූන් නිසා අඩාල වුනා. දේශපාලන අභිප්‍රාය සහ කැපවීම මදි වීම සහ ආගමික නායකයින්ගේ බලපෑම, විශේෂයෙන්ම කතෝලික පල්ලියේ බලපෑම ප්‍රධාන කරුණු වෙනව.

ශ්රී ලංකාව ගබ්සා නීති සම්බන්ධයෙන් ලෝකයේ ඉතාමත් සීමාකාරී රටවල් ලැයිස්තුවේ ඉන්නව. මෙම ලැයිස්තුවට අයත් රටවල් බොහොමයක් අඩු ආදායම්ලාභී රටවල්. ශ්‍රී ලංකාව වැනි මධ්යම ආදායම්ලාභී රටක් ඇතුළත් වීම දුර්ලභ අවස්ථාවක් ලෙස සැලකෙනව. සමහර විට ඉස්සරහට ගිනස් වාර්තාවක් තියන්න පුලුවන් වෙයි කියල හිතෙනව වර්තා තියන්න අපේ දේශපාලන නායකයන්ට තියෙන කැක්කුම දැක්කම. දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව හොඳ සමාජ-ආර්ථික දර්ශක තියෙන රටක් වුණාට අපේ ගබ්සා නීතිය නේපාලය, ඉන්දියාව, පාකිස්ථානය සහ මාලදිවයින වැනි රටවල් සමග සංසන්දනය කරාම ගොඩක් පසුගාමී කියල පේනව.

ගිය මාසයේ සෞඛ්ය අමාත්යංශය විසින් ගබ්සා කිරීමේ නීතියට සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එය සම්මත වුනොත්, කාන්තාවන්ට අවස්ථා දෙකක දී ගර්භණීභාවය අවසන් කිරීමට ඉඩ ලැබෙනව: දරුණු කළල විකෘතිතා පිහිටන අවස්ථා වලදී සහ ස්ත්‍රී දූෂණයක ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගැනීමක් සිදු වූ අවස්ථාවකදී. මෙම සංශෝධනයේ සමහර දුර්වලතා තියෙනවා. අවුරුදූ ගණනාවක් තිස්සෙ කාන්තා අයිතිවාසිකම් ක්රියාකාරිනියන් විසින් ඉල්ලා සිටින ගබ්සාව සම්පූර්ණයෙන් නීතිමය කිරීමට වඩා මෙය බෙහෙවින් දුර්වල වෙන අතර මේ සංශෝධනය කාන්තාවන්ගේ තීරණ ගැනීමේ අයිතිය වටා කේන්ද්රගත වෙලා නැහැ (ව්යතිරේකයන් දෙකම සඳහා රජයේ රෝහල්වල විශේෂඥ වෛද්යවරුන්ගේ නිර්දේශය අවශ්ය වෙන අතර ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පොලිස් මැදිහත් වීමත් අවද්ය වෙනවා). එහෙම වෙලත් මේ සංශෝධනයට වල කපන ආගමික නායකයින් වගේම ආගමික නායකයින්ට අදාළ නැති දේවල් වලට මැදිහත් වෙන්න ඉඩ සලසන දේශපාලනඥයින් දැක්කම විශාල කණගාටුවක් වගේම තරහකුත් දැනෙනව.

ශ්රී ලංකාව තුළ සෑම දිනකම ගබ්සා කිරීම් 700 කට අධික සංඛ්යාවක් සිදු වන අතර රටේ මාතෘ මරණ වලට තෙවැනි මූලික හේතුව වන්නේ අනාරක්ෂිත ගබ්සාවන්. මෙම නීති විරෝධී හා බොහෝ විට අනාරක්ෂිත ගබ්සාවන් වැඩියෙන්ම අවශ්ය වන්නේ විවාහක කාන්තාවන්ටයි (සමහර ගණනය කිරීම් අනුව 94%). ඔවුන් ගබ්සාවන් ලබා ගන්න ප්රධාන හේතුන් වන්නේ ආර්ථික අස්ථායීතාවයක් හා තවත් දරුවන් අවශ්ය නොවීමයි. ඉතින් බොහොම පැහැදිලිව තේරෙනව මේ යෝජිත සංශෝධන ඉතා විශාල ගැටලුවක් විසඳීම සඳහා පුංචි ආරම්භයක් පමණයි කියල. ගබ්සාව නීතිගත කිරීම ශ්රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සහ කාන්තාවන්ගේ ශාරීරික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීමේ පරිපූර්ණ ක්රමෝපායක එක් අංගයක් පමණයි. පාසැල් තුළ සහ පිටත ළමයින්ට සහ තරුණ ප්‍රජාවට පරිපූර්ණ ලිංගික අධ්යාපනය ලබා දීම අත්යවශ්යයි (මෙය දැනට ඉතා මන්දගාමී ලෙස සිදු වෙනව ). ඒ වගේම ලිංගික සහ ප්රජනන සෞඛ්ය සේවා අවශ්ය ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ වයස, ලිංගිකත්වය, ස්ත්රී පුරුෂභාවය, පංතිය, විවාහකභාවය වැනි කරුණු නොසලකා ලබා දීමත් එවන් ක්රමෝපායක අත්යවශ්ය අංගයක් වෙනව.

වෙනසක් දකින්නනම් අපි කොතැනකින් හෝ පටන් ගත යුතුයි. ශ්රී ලංකාවේ ගබ්සා නීතිය ලිහිල් කිරීමේ යෝජිත සංශෝධනය සඳහා සහාය දක්වන්න ඔබ කැමති නම් පහත සඳහන් පෙත්සම අත්සන් කර මේ අරගලයට ඔබේ හඬ එකතු කරන ලෙස ඉල්ලා සිටිමු.